spot_img
spot_img

පොල්තෙල් ආනයන බදු අඩු කරන්න යයි

වෙළඳපොලේ පොල්තෙල් මිල ඉහල යාම පාලනය සඳහා ආනයනික පොල්තෙල් සඳහා වන බද්ද අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් යෝජනාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ආනයනික පොල්තෙල් ලීටරයක් සඳහා දැනට අය කරන බද්ද රුපියල් 150ක්.

දැනට රටේ ආනයනික පොල්තෙල් මෙට්‍රික් ටොන් 70,000ක් ඇතැයි ද 2023ට සාපේක්ෂව මෙම ප්‍රමාණය තුන් ගුනයක ඉහල යාමක් බවද අමාත්‍යාංශය පැවසුවා.

එම නිසා කිසිසේත්ම පොල්තෙල් හිඟයක් රට තුළ නොමැති අතරම මිල ඉහල දැමීමට පොල්තෙල් මාෆියාව විසින් ගෙනයන ප්‍රයත්නය කූඨ උපායක් බව පොල් සංවර්ධන අධිකාරියසදහන් කලේ.

එමෙන්ම 2025 තෙක් ආනයනික පොල්තෙල් සඳහා අය කරන වෙ⁣ළෙඳ බද්ද නැවත ඉහල දැමීමට කිසිසේත්ම රජය අපේක්ෂා නොකරන බව ද අමාත්‍යවරයා පැවසුවා

පුවත් ලෝකයේ උණුසුම් තොරතුරු එසැණින් දැනගන්න වයඹ.lk whatsapp සමූහයට පිවිසෙන්න
– https://shorturl.at/lwxPR

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...