spot_img
spot_img

පියුමිට සම්බන්ධ කූරියර් ආයතනය ප්‍රකාශයක් දෙන්න බෑ කියයි

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවන්‍ය ආයතනයේ ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවන්‍ය භාණ්ඩ බෙදාහරිනු ලබන කුරියයර් ආයතනයට ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය මගින් කළ ඉල්ලීම එම ආයතනයේ ප්‍රධානීන් ප්‍රතික්ෂේප කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයෙක් පැවසු බව ලංකාදිප පුවත්පත වාර්තා කරනවා.

ඒ අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සදහා එම කුරියයර් සමාගමේ සභාපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට ඉදිරිපත් වන ලෙස ඉල්ලමින් අධිකරණ නියෝගයක් ලබාගැනීමට කටයුතු කරගෙන යන බව ද එම නිලධාරීයා කීය.

නිරූපණ ශිල්පිනියක් ලෙස පියුමි හංසමාලිට මෙතරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම සදහා මුදල් ලැබුණේ කෙසේද යන්න පිළිබදව ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා විසින් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාට කළ පැමිණිල්ලකට අනුව සංවිධානාත්මක අපරාධ මගින් උපයාගත් වත්කම් විමර්ශන ඒකකය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

මේවන විට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශනවලට අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිහරණය කළ රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය රුපියල් ලක්ෂ 780 කට මිලකට මිලදී ගෙන තිබුණි.

එමෙන්ම පියුමි හංසමාලි විසින් කොළඹ 7, වෝඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයකින් රුපියල් කෝටි 15 කට ආසන්න මුදලකට සුඛෝපභෝගී නිවෙසක් ද මිලදී ගෙන තිබිණි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශනවලට අනුව පියුමි හංසමාලි ඇතුළු ඇයගේ සමීපතමයන් විසින් පරිහරණය කරන බැංකු ගිණුම් 19 ක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට ඉකුත් දා අධිකරණයෙන් අවසර ලැබී තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිසිපත් රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් අධිකාරී සුජීව විජයසේන, සංවිධානාත්මක අපරාධ මගින් උපයාගත් වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සම්පත් රාජකරුණා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ඉදිරි විමර්ශන සිදුකරති.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...