spot_img
spot_img

ගුවන් මගියාගේ භාණ්ඩ සොරාගත් චීන ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට

ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් යානයක සිටි ශ්‍රී ලාංකිකයෙකුගේ ගමන් බෑගයේ තිබූ රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ, හික්කඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් දියමන්ති අල්ලන ලද මුදු දෙකක්, රන්මාලයක්, රන් මුදුවක්, අත් ඔරලෝසුවක්, පෙන්ඩනයක්, ඇතුළු රුපියල් ලක්ෂ 11ට අධික භාණ්ඩ සැකකරුවන් විසින් සොරා ගෙන ඇති බවයි.

පැමිණිලිකාර ශ්‍රී ලාංකිකයා සහ සැකකාර චීන ජාතිකයින් දෙදෙනා එකම ගුවන් යානයෙන් අබුඩාබි සිට ඉකුත් 23 වැනිදා අලුයම මෙරටට පැමිණ ඇති අතර, යානයේ අංක 9 දරන අසුනට උඩ ගමන් මලු රඳවනයෙහි පැමිණිලිකරු මෙම භාණ්ඩ බෑගය තබා ඇති බව පොලිසිය පවසනවා.

ශ්‍රී ලංකාවට පැමිණි මගියා සිය ගමන් බෑගේ පරීක්ෂා කිරීමේදී එහි තුළ තිබූ භාණ්ඩ නොමැති බවට කර තිබූ පැමිණිල්ලකට අනුව, සියලු මඟීන් පරීක්ෂාවට ලක් කිරීමේදී සැකකාර චීන ජාතිකයන් දෙදෙනා සතුව තිබේ මෙම භාණ්ඩ සොයාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් වයස අවුරුදු 36 සහ 31 යන වයස්වල පසු වන්නන් බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...