spot_img
spot_img

රුසියාවේ ඩැගෙස්තාන් නගරයට ත්‍රස්ත ප්‍රහාර මාලාවක්

රුසියාවේ උතුරු කොකේසස් හි ඩැගෙස්තාන් ජන රජයේ නගර කිහිපයක දේවස්ථාන, යුදෙව් ආගමික මධ්‍යස්ථාන වලට එල්ල වූ ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාර මාලාවකින් 23 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඒ අතර, පොලිස් නිලධාරීන් 15 දෙනෙකු, පූජකවරයෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත්, ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රතිප්‍රහාර වලින් අන්තවාදීන් 6 දෙනෙකුද මියගොස් තිබෙන බවත් වාර්තා වනවා.

ප්‍රහාර සඳහා කළු පැහැති ඇදුමින් සැරසුණු වෙඩික්කරුවන් දස දෙනෙකු පැමිණ ඇති අතර, ඔවුන් පොලිස් මෝටර් රථ වලට වෙඩි තබන අයුරු සමාජ මාධ්‍යවල පළ කර ඇති දර්ශන වලද දැක්වෙනවා.

රුසියාවේ දුප්පත්ම ප්‍රදේශ වලින් එකක් වන ඩැගෙස්තාන් ප්‍රධාන වශයෙන් මුස්ලිම් පාලනයක් පවතිනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...