spot_img
spot_img

සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා – රවි සෙනෙවිරත්න

මහරගම තරුණ සේවා සභාවේ පැවති විශ්‍රාමික පොලිස් සාමූහික රැස්වීම පිළිබඳව සමගි ජන බලවේගය ඇතුළු බොහෝ දෙනා කලබල වී එල්ල කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව එම සාමූහිකයේ සභාපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට ලැබිය යුතු උසස්වීමද මේ වන විට නතර කර ඇති බවත්, ඒ මහතා එය ඔහුට කරන අවසන් පලිගැනීම ලෙස සිතිය හැකි බවත් සඳහන් වනවා.

ශානි අබේසේකර මහතා අනිතික ලෙස අත්අඩංගුවට ගෙන මාස 11ක් සිරගත කොට සිටි බවත්, එම නිසාම ඔහුගේ උසස් වීම්නුදුන් අතර නිදහස් වීමෙන් පසුව ඔහු මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණය වෙත යොමුකර ඇති බවද සඳහන් කළා.

ඒ අතරතුර තමාට අහිමි වූ උසස්වීම් ලබා දෙන ලෙස අබේසේකර මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටි අතර, එහිදී ඔහුට පොලිස්පතිවරයා කියා ඇත්තේ මේ වනවිට ගොනුකර ඇති අයිතිවාසිකම් පෙත්සම ඉවත් කර ගතහොත් උසස් වීම් ලබාදිය හැකි බවයි.

එහෙත් සෙනවිරත්න මහතා සඳහන් කළේ, අබේසේකර මහතා ඊට එකඟ නොවීම නිසා පසුගියදා පොලිස් කොමිසම ඒ මහතාට ලිපියක් එවමින් කියා ඇත්තේ උසස්වීම් දිය නොහැකි බවයි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් පිළිබඳව විමර්ශනය කළ කණ්ඩායමකට ආපසු හැරී එන ලෙස අබේසේකර මහතා නියෝග කළ බව සඳහන් ප්‍රකාශයද අමූලික බොරුවක් යැයි ඔහු කියා සිටියා.

බත්තරමුල්ල – පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයේදී මෙම මධ්‍ය හමුව පැවැති අතර එහිදී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපාලි පියනන්ද මහතාද අදහස් දැක්වීමක් සිදු කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...