spot_img
spot_img

කලාවැවේ පුරාවස්තු කැනීමේ සිද්ධිය ගැන පාර්ශ්ව 2කින් විමර්ශන

කලාවැවේ ප්‍රධාන වේල්ල අසළ කිසියම් පිරිසක් පුරාවස්තු කැනීමේ සිදුවීමට අදාළ පරීක්ෂණ වාර්තාව අද(24) දිනයේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙණ්ඩිස් මහතා වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

අනුරාධපුර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආර්.ජී.ජයතිලක මහතා පැවසුවේ, නිලධාරියෙක් යොමුකර අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ බවයි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අදාළ විමර්ශන වාර්තාව පොලිසිය වෙත ලබාදීමට නියමිත බවද ඔහු පැවසුවා.

මේ අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසියද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ, හෙට දිනයේ ඒ සම්බන්ධයෙන් කැකිරාව අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.

ක්‍රි.ව. 05 වැනි සියවසේ රජකම් කළ ධාතුසේන මහරජතුමා විසින් ඉදිකරන ලද කලාවැව මෙරට වාරි තාක්ෂණ විශිෂ්ටත්වයේ තවත් එක් සංකේතයක් වන අතර, අක්කර අඩි 100,000ක් එනම් ඝන මීටර් මිලියන 123 ක ධාරිතාවයකින් යුක්ත කලාවැව කළුගලින් කළ පිටවානකින් සහ ප්‍රධාන සොරොව් තුනකින් සමන්විත වනවා.

ඉන් මධ්‍ය ප්‍රධාන දොරටුවෙන් පිටවන ජලය අඩි 40ක් පළල් වූ ඇල මාර්ගයක සැතපුම් 54ක් දුර ගෙවා අනුරාධපුර නුවරවැවට ජලය සපයමින් කුඹුරු අක්කර දහස් ගණනක් පෝෂණය කරනවා.

කලාවැවේ ප්‍රධාන වේල්ලේ, පිටවාන ආසන්නයේ වේල්ලට ඉතා සමීපයෙන් පිහිටි ගල්තලාවේ පසුගියදා මෙම කැණීම් සිදුකර තිබුණේ වැවට දැඩි අවදානමක් ඇති කරමින්.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...