spot_img
spot_img

උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගයේ ගලබඩ හා ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර පෙන්රෝස් ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් අවහිරව පැවැති උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (23) දහවල් වනවිට යතාතත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

දුම්රිය මාර්ගයට අද (23) අලුයම් කාලයේ මෙම ගස කඩා වැටී තිබු බවත්, එය විශාල ගසක් හේතුවෙන් කපා ඉවත් කිරීමට වැඩි කාලයක් ගත වු බවද දුම්රිය පාලක මැදිරිය කියයි.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල හා කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය බාධා එල්ල වී පැවැති බවත්, දුම්රියෙන් පැමිණෙන මගීන්ට නාවලපිටියේ සිට හා හැටන් සිට බස් රථ මගින් ගමන් පහසුකම් සපයාදීමට පියවර ගෙන තිබු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කරයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...