spot_img
spot_img

මූල්‍ය ආයතන 11කට මහ බැංකුවෙන් දඩ

2006 අංක 06 දරණ මුදල් ගණුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතන 11කට එරෙහිව දඩ මුදල් පනවා තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් සහ මේ වසරේ මාර්තු යන කාල සීමාවන් අතර සිදුවූ නීතී උල්ලංගණය කිරීම් සැලකිල්ලට ගනිමින් මෙම දඩ මුදල් පනවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ නියාමන ආයතනය ලෙස ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් ආයතන 11කට රුපියල් මිලියන 14.6ක දඩ මුදලක් නියම කර ඇති බව සඳහන් වෙයි.

මේ අතර, පරිපාලනමය දණ්ඩනය ලෙස අය කරගෙන ඇති අදාළ සියලු මුදල් ඒකාබද්ධ අරමුදලට බැරකර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...