spot_img
spot_img

පුද්ගල ඝාතනයකට පාකිස්තානුවන් 27ක් අත්අඩංගුවට

කුරානයට අපහාස කළ බව කියන පුද්ගලයෙකුව පාකිස්තානයේ ස්වාත් ප්‍රදේශයේදී වධහිංසනයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 36 හැවිරිදි එරට පන්ජාබ් ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ පුද්ගලයා කුරානයට අපහාස කළ බවට ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

කෙසේවෙතත් පොලිස් ස්ථානයට කඩා වැදී එහි දේපොළවලට ද පහරදී රථවාහනවලට ගිනි තැබූ පිරිසක් විසින් අත්අඩංගුවේ පසුවූ පුද්ගලයාව රැගෙන ගොස් ඇති බව ස්වාත් පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කළේය.

පසුව එම පුද්ගලයාට අමානුෂික ලෙස පහරදී ඇති ඔවුන් ඔහුගේ සිරුරට ගිනි තබා තිබේ.

එම අවස්ථාවේ විශාල පිරිසක් එහි රැස්ව සිට ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 27 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...