spot_img
spot_img

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක සිර දඬුවමක් නියම කර තිබේ.

අයුතු අවහිරය සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට අමතරව ඔහුගේ රියදුරු වන බන්දුල රත්නායක සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක යන පිරිසට එරෙහිව බදුල්ල මහාධිකරණයේ පැවරූ නඩුවක් විභාග කළ මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි මෙම තීන්දුව ලබා දී ඇත.

මෙම නඩුවේදී චමින්ද විජේසිරි සහ රියදුරු බන්දුල රත්නායක චෝදනා හතරකටත්, ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක චෝදනා තුනකටත් වැරදිකරුවන් බවට තීරණය කෙරුණු අතර, මෙහිදී රියදුරු බන්දුල රත්නායක මිය ගොස් ඇති බවටද අනාවරණය වී තිබේ.

2019 වසරේ පෙබරවාරි 10 වැනිදා හෝ ඒ ආසන්න දිනක පස්වරුවේ බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී ඔහුගේ ජීප් රථය පොලිස් ජීප් රථයක් විසින් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් මෙම සිද්ධියට මුල්වී ඇති බව නඩු විභාගයේදී හෙළි වී ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...

ඩෙංගු අවදානම රතු එළියක් දක්වා ඉහළට

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 82,838ක් – සෞඛ්‍ය අංශයෙන්...