spot_img
spot_img

දැඩි වායු දූෂණයට විසඳුම් ලෙස පරණ වාහන අතහැර විදුලි වාහන ගන්නා අයට විශේෂ බදු සහන

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පවතින දැඩි වායු දූෂණය මැඩපැවැත්වීමේ අරමුණින්, පැරණි වාහන ඉවත් කර (Scrap) නව විදුලි වාහන (EV) මිලදී ගන්නා මෝටර් රථ හිමියන් සඳහා ඇමරිකානු ඩොලර් 1,000කට වැඩි (ඉන්දීය රුපියල් ලක්ෂයකට අධික) මූල්‍ය දිරිගැන්වීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට දිල්ලි බලධාරීන් පියවර ගෙන තිබේ. ලොව වැඩිම වායු දූෂණයක් සහිත නගරයක් වන දිල්ලිය තුළ විදුලි වාහන භාවිතය වේගවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

මෙම නව ප්‍රතිපත්තිය යටතේ, 2020 අප්‍රේල් 1 වැනිදාට පෙර මිලදී ගත් පැරණි වාහන විනාශ කර ඒ වෙනුවට විදුලි වාහන මිලදී ගන්නන් සඳහා ඩොලර් 1,060ක දීමනාවක් හිමිවේ. මීට අමතරව, ඉන්දීය රුපියල් මිලියන 3කට වඩා අඩු මිලක් වන විදුලි වාහන සඳහා සාමාන්‍යයෙන් අය කෙරෙන 4% සිට 10% දක්වා වූ මාර්ග බදු සහ ලියාපදිංචි ගාස්තු ද සම්පූර්ණයෙන්ම නිදහස් කර ඇත.

මෙම සහන ක්‍රමවේදයෙන් හයිබ්‍රිඩ් (Hybrid) වාහන ඉවත් කර ඇති අතර, සම්පූර්ණයෙන්ම බැටරි මඟින් ක්‍රියාත්මක වන (Full EV) වාහන සඳහා පමණක් සහන දීමට තීරණය කර තිබේ.

දිල්ලි රජයේ ඉලක්කය වන්නේ 2030 වන විට නගරයේ සමස්ත වාහනවලින් අවම වශයෙන් 30%ක් විදුලි වාහන බවට පත් කිරීමයි.

මේ යටතේ 2027 වසරේ සිට කුඩා ට්‍රක් රථ සහ ත්‍රිරෝද රථ ද, 2028 වසරේ සිට යතුරුපැදි ද ලියාපදිංචි කරනු ලබන්නේ විදුලි වාහන ලෙස පමණක් වන අතර පෙට්‍රල් වාහන ක්‍රමයෙන් ඉවත් කිරීමට නියමිතය.

කෙසේ වෙතත්, පරිසරවේදීන් පෙන්වා දෙන්නේ වාහන විදුලි කිරීමෙන් පමණක් දිල්ලියේ වායු දූෂණය සම්පූර්ණයෙන්ම පාලනය කළ නොහැකි බවත්, කර්මාන්තශාලා දුමාරය, දූවිලි සහ බෝග පුළුස්සා දැමීම වැනි අනෙකුත් ප්‍රධාන ගැටලුවලට ද විසඳුම් සෙවිය යුතු බවත්ය.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...