spot_img
spot_img

ව්‍යාපාරිකයන්ගේ සිම් කාඩ් හරහා කෝටි ගණන් මුදල් ඉස්සූ අයෙක් රිමාන්ඩ්

දුරකථන සමාගම්වලින් ලබාගත් සිම්පත් අවභාවිත කර ධනවත් ව්‍යාපාරිකයන් පිරිසකගේ බැංකු ගිණුම්වලින් රුපියල් කෝටි 2කට අධික මුදලක් වංචා සහගතව ලබාගත් බව කියන පුද්ගලයෙකු ජුලි 04වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින්.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ දුරකථන අලෙවි නියෝජිතයෙකු වන මෝහන් දයාලන් නැමැත්තෙකු පරිගණක ආවේක්ෂණ බුද්ධි ඒකකය මගින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු ඊයේ (20) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් සඳහන් කළේ, හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ දුරකථන අලෙවිසැලක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

ඊට පැමිණෙන ධනවත් ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ පිරිසක් දුරකථන අලුත්වැඩියා කරගැනීම, සිම්පත් ලබාගැනීම වැනි සේවා රැසක් ඔහුගෙන් ඉටුකරගෙන ඇති බව එම ඒකකය අධිකරණයට දැනුම් දී තිබුණා.

ඔහුගෙන් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් අතර සිටින ධනවත් ව්‍යාපාරිකයන් හඳුනාගෙන ඇති සැකකරු එම ව්‍යාපාරිකයන්ගේ සිම්පත්වල කුමක් හෝ දෝෂයක් ඔවුන්ට පෙන්වා එම සිම්පත් ඔහු භාරයට ගෙන එහි දත්ත සොරාගෙන ඇති බව විමර්ශන නිලධාරීන් පවසනවා.

ඉන් අනතුරුව එම සිම්පත් වෙනුවට නව සිම්පත් ලබා ගන්නා ලෙස අදාළ ව්‍යාපාරිකයන්ට සැකකරු දන්වා තිබෙනවා.

ඒ ආකාරයෙන් ව්‍යාපාරිකයන්ගේ සිම්පත්වල දත්ත සොරාගෙන ඇති සැකකාර පුද්ගලයා අදාළ සිම්පත්හි දත්ත හරහා එම ව්‍යාපාරිකයන්ගේ බැංකු ගිණුම්වලට රහසිගතව ඇතුළුවී එම ගිණුම්වල තිබූ රුපියල් ලක්ෂ 210 ට අධික මුදලක් වංචා සහගතව ලබාගෙන ඇති බවද එම ඒකකය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වී තිබුණා.

මෙවැනි වංචා සහගත සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයාට එරෙහිව ඇඹිලිපිටිය අධිකරණයේ නඩුවක් පවතින බැවින් ඔහුව මෙම මස 25 දින එම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවසර ලබාදෙන ලෙසද විමර්ශන නිලධාරීන් එහිදී ඉල්ලා සිටියා.

ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක ආවේක්ෂණ බුද්ධි ඒකකය වෙත කරන ලද පැමිණිලි අනුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර කරුණු සලකාබැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකරු එළැඹෙන ජූලි 4 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එලෙස නියෝග කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...