spot_img
spot_img

මෛත්‍රීගේ ප්‍රකාශයට අගරදගුරු පදවියෙන් පිළිතුරු

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් විවිධ පාර්ශ්වවලින් කාදිනල් හිමියන්ට ලැබුණු ආධාර මුදලින් රුපියල් මිලියන 500ක් පමණ මුදලක් මේ වනවිට වින්දිතයින් වෙනුවෙන් වියදම් කර ඇති බව කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (20) සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

“මෛත්‍රීපාල සිරිසේන මහතා අද වනවිට දේශපාලන අතින් ඉතාමත් බංකොළොත්භාවයකට පත්වුණු පුද්ගලයෙක්. එතුමාගේ බංකොළොත්භාවය වහ ගැනීමට මෙවැනි බොරු ප්‍රචාර මාධ්‍ය ඉදිරියේ කියන්නේ. ඇත්තටම කාදිනල් හිමිට ලැබුණු මුදලින් මිලියන 500කට වැඩි මුදලක් මේ වනවිටත් වින්දිතයින් වෙනුවෙන් කොළඹ කතෝලික සභාවේ අගරදගුරු හිමිපාණන් යටතේ තියෙන සහන සේවා ආයතනයක් වන සෙත්සරණ ආයතනය විසින් වියදම් කරලා තියෙනවා. ක්‍රිස්තුන් වහන්සේ ඉගැන්වීමක් තියෙනවා දකුණු අතින් දෙන දේ වමතට නොදැනෙන් දෙන්න ඕනේ කියලා. ඒ නිසා තමයි කතෝලික සභාවෙන් කරන දේවල් මාධ්‍ය හමුවේ ප්‍රචාරය නොකර බොහෝම රහසිගතව සිදුකරන්නේ.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...