spot_img
spot_img

අයහපත් කාලගුණයෙන් හානි වූ නිවාස වෙනුවෙන් වන්දි ලබාදීමට ජනපතිගෙන් උපදෙස්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් ලබාදීමට හෝ එම නිවාස නැවත ඉදිකර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දුන් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

එසේම අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත අලුත්වැඩියා කර ගැනීම සඳහා ද සිදුවී ඇති හානිය තක්සේරු කර යම් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් ලබාදීමට පියවර ගන්නා බව ද සාගල රත්නායක මහතා සඳහන් කළේය.

සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත ඉදිකිරීම සම්බන්ධයෙන් ඊයේ (20) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

පසුගිය දිනවල රටේ විවිධ ප්‍රදේශවලට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ තද සුළං, ගංවතුර හා පස්කඳු කඩාවැටීම් වැනි ස්වභාවික ආපදාවන් නිසා හානි වූ නිවාස නැවත ඉදිකර දීම හෝ උපරිම සීමාවකට යටත්ව සුදුසු වන්දි මුදලක් ලබා දීම සම්බන්ධව මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

පූර්ණ වශයෙන් හානි වූ නිවාස සඳහා ප්‍රතිලාභීන්ගේ එකඟතාවය මත යම් උපරිම සීමාවකට යටත්ව සුදුසු වන්දි මුදලක් ලබා දීමට හෝ ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් නිවාස කඩිනමින් ඉදිකර දීමටත්, අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත අලුත්වැඩියා කර ගැනීම සඳහා සිදුවී ඇති හානිය තක්සේරු කර යම් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් ලබා දීමටත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

ස්වභාවික ආපදා හේතුවෙන් පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් ලබා දෙන ලෙසට මෙහිදී සාගල රත්නායක මහතා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ත්‍රිවිධ හමුදාපතිවරු හා අදාළ රේඛීය ආයතන ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර, අදාළ දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඊට සහභාගී විය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...