පුද්ගලයෙකු සතු පළමු දේපළ, යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කරන බව ත් මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද සදහන් කළා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (ජූනි 18) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්..
ඔහු තවදුරට ත් සඳහන් කළේ, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අවශ්‍ය බවයි.
එමෙන් ම, ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීරණය කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට මෙන් ම බුදුදහම ආරක්ෂා කිරීමට ද අභියෝගයක් එල්ල කරන ගැටලුසහගත තීරණයක් බව ජනාධිපතිවරයා වැඩිදුරට ත් සඳහන් කළා




