spot_img
spot_img

ගොවිජන සේවා ඇප් එක නිසා කෝටි 57ක් ඉතුරුවෙලා

වගා හානි වන්දි හා පොහොර සහනාධාර ඇතුළු වෙනත් ආධාර ‘Geo-Goviya’ යෙදවුම මගින් සනාථ කර ඇති ඉඩම් ප්‍රමාණයට නිසියාකාරව ලබා දීමෙන් පසුගිය වසරේදී රුපියල් කෝටි 57ක මුදලක් රජයට ඉතිරි කර ගැනීමට හැකි වී යැයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

කුඹුරු ඉඩම් ‘Geo-Goviya’ යෙදවුම යොදා ගනිමින් නිවැරැදිව සිතියම් ගත කිරීමෙන් මෙසේ විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වී ඇතැයි එම නිලධාරීන් දැනුම්දෙනවා.

දැනට ශ්‍රී ලංකාවේ ඇති සියලු ම කුඹුරු ඉඩම් ‘Geo-Goviya’ යෙදවුම යොදා ගනිමින් නිවැරදිව සිතියම් ගත කිරීම අරඹා ඇතැයි ද ඒ මගින් කුඹුරු ඉඩම් හෙක්ටයාර් මිලියන 1.91ක මැනීම් කටයුතු අවසන් කර ඇතැයි ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සදහන් කළා.

මේ අතර ගොවීහු ලක්ෂ 13ක් මෙම යෙදවුම මගින් ලියාපදිංචි වී තිබෙනවා.

‘Geo-Goviya’ යෙදවුම මගින් කුඹුරු මැනීම නිවැරදිව සිදු කර ඇති නිසා දැනට ගොවීන් සතුව පවතින ඉඩම්වල සත්‍ය ප්‍රමාණය නිවැරදිව ම සටහන් කර ගැනීමට හැකි වී ඇති නමුත් ඔප්පුවල සඳහන් වන ඉඩම් ප්‍රමාණ බොහෝ විට පවතින ඉඩම් හා නොගැළපෙන බවක් පෙනී යන්නේ යැයි ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සදහන් කළා.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මෙරට කෘෂි කර්මාන්තය සඳහා නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල යටතේ ‘Geo-Goviya’ නමැති යෙදවුම හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, මෙම යෙදවුම මගින් ගොවීන්ට කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දැනුම මෙන් ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ලබා දෙන සේවාවන් පිළිබඳ තොරතුරු ද අන්තර්ගත කර කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...