spot_img
spot_img

විදේශ රැකියා පෙන්වා මුදල් වංචා කළ තවත් කතක් මාට්ටු

මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ගම්පොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටාර්, ඩුබායි ඇතුළු මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසා ගම්පොළ ප්‍රදේශයේ කාන්තාවක් මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියා ලබා නොදුන් බවට කාර්යාංශයට පැමිණිලි 7ක් ලැබී තිබුණු අතර එම පැමිණිලිවලට අනුව මෙම කාන්තාව වංචා කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 40ට අධික වේ.

මෙයට පෙර ද ගම්පොළ පොලීසිය මගින් ඇයට විරුද්ධව අධිකරණයේ නඩු පවරා ඇත.

ගම්පොළ පොලීසියේද සහාය ඇතුව දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ගම්පොළ පොලීසියේ රඳවා ප්‍රශ්න කිරීම් සිදුකරන බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවා.

මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බව සැලවීමෙන් පසු මෙම කාන්තාවට මුදල් ලබා දුන් තවත් පුද්ගලයන් ගම්පොළ පොලීසියට පැමිණ පැමිණිලි කර තිබේ.

එම පැමිණිලි සම්බන්ධයෙන් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය ඉදිරියේදී විමර්ශනය කිරීමට නියමිතය.

අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ දින (17) ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින (18) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රත්වරයා නියෝග කළා.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බඳවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මඟින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටී.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...