ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක කැබිනට් මණ්ඩල සාමාජිකයින් 25කට සීමා විය යුතු බවට ප්‍රතිපත්තියක් සකසා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යංශ හෝ ආයතන අතර කිසිදු ගැටලුවක් හට නොගන්නා ආකාරයට විද්‍යානුකූල ක්‍රමයක් හඳුන්වා දීමට නියමිත බවද ඔහු තවදුරටත් සඳහන් කළා.
රට දිනන මග මැයෙන් පසුගියදා බණ්ඩාරගමදී පැවති ජාතික ජන බලවේගයේ ව්‍යාපාරික හමුවට එක්වෙමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව පවසා සිටියා.
ඒ සදහා පක්ෂයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයින්, ව්‍යාපාරිකයින් ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වුණා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
“සමහරු කියන්න උත්සාහ කරනවා ආර්ථිකය වගේ දෙයක් සැලසුම් කරන එක ලෝකයෙ ඒ කාලේ වාමාංශික ආණ්ඩුවල වැඩක් විතරයි කියලා. ඒක එහෙම නෙමෙයි. අසල්වැසි ඉන්දියාව පවා ආර්ථිකය මේ තත්වෙට ගෙනාවේ සැලැස්මක් සහිතව. අපේ බලාපොරොත්තුව ඒ වගේ සැලැස්මක් යටතේ රට අරගෙන යන්න”




