රාජ්‍ය ආයතන කිහිපයක් ලබන සතියේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත කැඳවීමට නියමිතව තිබෙනවා.
කෝපා කමිටුව එළැඹෙන සතියේ දී දින තුනක් රැස්වීමට නියමිත බව වාර්තා වනවා.
ඒ අනුව, අනිද්දා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඇති අතර 19 වනදා කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඇති බව සඳහන් වනවා.
මීට අමතරව, එළැඹෙන 20 වනදා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෝපා කමිටුව හමුවට කැඳවීමට නියමිතයි.
එම රාජ්‍ය ආයතනවල කළමනාකරණ කාර්යක්ෂමතාව සහ මූල්‍ය විනය පිළිබඳව මෙහිදී සොයාබැලීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.




