spot_img
spot_img

රුසියාවෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්

මේ දිනවල රුසියාවේ සංචාරයක යෙදෙන විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා එරට විදේශ අමාත්‍ය සර්යෙව් ලැව්රොෆ් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

එම හමුවේදී දෙරටට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරු දෙදෙනා අදහස් හුවමාරු කරගත් බව විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයක් දැක්වෙයි.

එසේම මේ වනවිට රුසියානු හමුදාව හා එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී සබ්රි මහතා අදහස් දක්වා ඇති අතර ඔවුන් වෙනිවෙන් මැදිහත් වන ලෙස ඔහු රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබුණි.

තවදුරටත් ශ්‍රී ලාංකිකයින් රුසියාවේ හමුදා සේවයට බඳවා නොගන්නා බවට රුසියානු විදේශ අමාත්‍යවරයා පොරොන්දු වී තිබේ.

එළැඹෙන ජූනි 26-27 දිනවල ඉහළ පෙළේ ශ්‍රී ලාංකික නියෝජිතයින් පිරිසක් රුසියානු බලධාරීන් සමග මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...