Saturday, June 6, 2026
spot_img
spot_img

ගුරුවරියගේ ඡායාරූප අසභ්‍ය ලෙස සැකසූ සිසුවාට ඇප

සමාජ මාධ්‍ය සමූහයන්ට ගුරුවරියකගේ සංස්කරණය කරමින් සැකසූ නිරුවත් ඡායාරූප එක්කළ එම පාසලේම සිසුවෙකු රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් අද (11) නියෝග කර තිබෙනවා.

වැලිපැන්නගහමුල්ල ප්‍රදේශයේ 18 හැවිරිදි සිසුවෙකු එලෙස ඇපමත මුදාහළ අතර, සැකකරුට අවවාද කරමින් අදාළ සේයාරූ වෙනත් සංස්කරණයන්ට භාජනය නොකරන ලෙසත්, සාක්ෂිවලට කිසිඳු බලපෑමක් නොකරන ලෙසත්, එසේ කළ බවට වාර්තා වුවහොත් ඇප අවලංගුකොට නීතිකෘත්‍ය අවසන් වනතෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන බවටත් මහේස්ත්‍රාත්වරයා අවවාද කර තිබෙනවා.

සැකකරු මෙසේ වෙනත් කාමුක රූපවලට ගුරුවරියගේ මුහුණ යෙදූ ඡායාරූප Facebook හා Telegram නමැති සමාජ මාධවල කාමුක දසුන් සහිත සමූහවලට මුදාහැරීමෙන් එම පාසැලේම සේවය කරන වින්දිත ගුරුවරිය දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත්, සියදිවි හානිකරගන්නා අවදානමක් පවා පවතින බවත් අධිකරණයට ‘බී’ වාර්තාවක් මගින් සැකකරු ඉදිරිපත්කළ පොලිසිය සඳහන් කර තිබෙනවා.

එමෙන්ම එසේ මුදාහැරි දසුන් නැරඹූ ඇතැම් පිරිස් ගුරුවරිය අමතා ඇති අතර, ගුරුවරිය එවැන්නක් සිදුව ඇති බව දැනගන තිබුණේ ඒ අනුව බවත් පොලිසිය අධිකරණයේදී සඳහන් කර තිබෙනවා.

එහෙත් සැකකරුගේ නීතිඥවරු අධිකරණයට පවසා ඇත්තේ එම සමූහයන්ගේ වගකීම් බාරගත නොහැකි බවයි.

එමෙන්ම මෙම නඩුවේ සාක්ෂි ලෙසින් ඉදිරිපත් කර ඇති අයද ඉතා අඩු වයසේ අය බවද පෙන්වාදෙමින් සැකකරු ඇපමත මුදාහරින ලෙස මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...