spot_img
spot_img

සහකාර රේගු අධිකාරීවරයෙකු කොටුවේදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද විදෙස් දුම්වැටි තොගයක් සමග සහකාර රේගු අධිකාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ මධ්‍යම දූෂණ අපරාධ කාර්යාංශය විසින් සැකකරු මෙලෙස කොළඹ කොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඔහු සන්තකයේ තිබී විදෙස් දුම්වැටි 7,000 ප්‍රමාණයක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 590,000කට ආසන්න බව වැඩිදුර විමර්ශනවලදී හෙළිවී තිබේ.

සැකකාර සහකාර රේගු අධිකාරීවරයා දුම්වැටි තොගය සමග වැඩිදුර විමර්ශන සඳහා කොටුව පොලීසිය වෙත භාරදී තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...