spot_img
spot_img

අනුර කුමාර ජොන්ස්ටන්ගෙන් වන්දි ඉල්ලා අධිකරණයට

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (29) කොළඹ දිසා අධිකරණයට පැමිණ තිබෙනවා.

ඒ හිටපු අමාත්‍ය පර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදුකළ දේවේශ සහගත ප්‍රකාශයකින් සිදුවූ අපහාසයට රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන්නැයි ඉල්ලා සාක්ෂි ලබා දෙමින්.

සාක්ෂි ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත්තේ, ඒකාබද්ධ විපක්ෂය තංගල්ල නගර ශාලාවේ 2017 වසරේදී සංවිධානය කළේ යැයි කියන රැස්වීමකදී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයකින් මෙම අපහාසය සිදුවී ඇති බවයි.

කැලණිය විශ්ව විද්‍යාලීයේ විද්‍යාවේදී උපාධි සහතිකය ඇතුළු ලේඛන දහයක් අධිකරණයට ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේ සහ සමාජයේ කීර්තියක් උසුලන තමන්ට සිදුකළ අපහාසයට වන්දි අය කර දෙන ලෙසට අනුර කුමාර මහතා එහිදී ඉල්ලා සිටියා.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා ඉදිරියේ අදාළ සාක්ෂි කැඳවනු ලැබුවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...