spot_img
spot_img

නියමිත දිනයට ජනාධිපතිවරණය පවත්වනවා – අගමැති

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නියමිත දිනට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී මාර්ටින් වික්‍රමසිංහ ජන ජීවිතය හා ලේඛන කලාගාරය සුවිශේෂ මැදිරිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ වගකීමක් නැති ප්‍රකාශ හරහා රට කැළඹීමට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හෝ පාර්ලිමේන්තුවක් ඉඩ නොදෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,

“මැතිවරණය ගැන දැනටමත් රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත්කරල තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පවත්වන්නට පුළුවන් බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා. සැප්තැම්බර් ඔක්තෝම්බර් මාස දෙක අතර එය සූදානම් කරන බව ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ බව ආණ්ඩුවත් ප්‍රකාශ කර තිබෙනවා.”

මැතිවරණ නීති වෙනස් කරන්න නම් අනුගමනය කරන්න තියෙන බොහොම අමාරු තුනෙන් දෙකක ක්‍රමවේදයක් තිබෙනවා. එහෙම නැතුව පාර්ලිමේන්තුවට ලබන අගෝස්තු වෙනකන් යන්න පුළුවන්. අවශ්‍ය නම් ඉක්මනින් ගෙදර යන්නත් පුළුවන්. එහෙම නැත්තම් තමන්ටම කියන්න පුළුවන් අපිට ගෙදර යන්න ඕනේ කියලා. එහෙම යන්නත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ක්‍රමයක් තියෙනවා. ජනාධිපතිවරණයට පස්සේ මහ මැතිවරණය. පසුව පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ එකටම පවත්වන්න අවධානය යොමු වෙලා තිබෙනවා.

වගකීමක් නැතුව ඇතැමුන් විවිධ දේවල් ප්‍රකාශ කරනවා. ආණ්ඩුවේ කිසිම අවස්ථාවක, කිසිම සාකච්ඡාවක නොකෙරුණු දෙයක් ගැන හදිස්සියේ ප්‍රකාශ කරලා, වගකීමක් නැතුව රට කලඹන්න කටයුතු කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හෝ පාර්ලිමේන්තුවකින් ඉඩ දෙන්නෙ නැහැ කියන එකයි මම රටවැසියාට කියන්නේ.

ජනාධිපතිවරණය කැඳවීමේ බලය තිබෙන්නේ මැතිවරණ කොමිසමට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත අනුව. කලින් කැඳවන්නත් බැහැ. පස්සෙ කැඳවන්නත් බැහැ. ඒ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාවරව තැන්පත් කරලා තියෙනවා. ඒ අනුව මැතිවරණ කොමිසම දින නියමයන් අනුව මැතිවරණය නියමිත පරිදි පවත්වයි.”

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...