Thursday, June 4, 2026
spot_img
spot_img

දිවයින පුරා විදුලිය බිඳ වැටීම් 36,900ක්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය දින 3 තුළ පාරිභෝගිකයින් 300,000කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සිය නිල X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, විදුලිය බිඳවැටීමේ සිදුවීම් 36,900ක් ද ඒ අතර වාර්තා වී ඇති බවය.

එම බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීම සඳහා මේ වනවිට අතිරේක සේවා කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර ඇති බවත් විදුලිය බිඳ වැටී ඇති ස්ථානයන්ට ඉදිරි පැය 24 තුළ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා තවදුරටත් අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.

මේ අතර විදුලි පාරිභෝගිකයින්ට 1987 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ඇමතුමක් ලබාදී හෝ කෙටි පණිවිඩයක් යොමු කර විදුලි විසන්ධි වීම් පිළිබඳ දැනුවත් කළ හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සිය නිවේදනයේ දක්වා තිබේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...