spot_img
spot_img

HIV අඩපණ කරන්න අලුත් එන්නතක්

HIV වෛරසය අඩපණ කළ හැකි ආකාරයේ නව එන්නතක් නිපදවීමට ඇමෙරිකන් විද්‍යාඥයෝ පිරිසක් සමත් වී තිබෙනවා.

මෙය ඒඩ්ස් ආසාදිතයන්ට නව බලාපාරොත්තුවක් උදා කරනු ඇතැයි එම එන්නත නිපදවූ ‘ඩියුක් වැක්සීන්’ ආයතනය පවසනවා.

ඒඩ්ස් රෝගී තත්ත්වය ඇති කරනු ලබන HIV වෛරසය ආසාදනය වූ පසු සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල වීම සිදු වනවා.

‘ඩියුක් වැක්සීන්’ ආයතනයේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, මෙම එන්නත විසින් සිරුරට ඇතුළු වුණු HIV වෛරසය හඳුනාගෙන එය අඩපණ කළ හැකි බවයි.

එය සිදුවන්නේ එන්නතින් පසුව සිරුරේ අලුතින් නිපදවන ප්‍රතිදේහවලින් බව එම ආයතනය පවසනවා.

ඒඩ්ස් ආසාදිතයින් යොදා ගනිමින් නව එන්නත සායනික අත්හදා බැලීම්වලට යොදාගත් බවත්, සාර්ථක ප්‍රතිඵල දකින්න ලැබුණු බවත් ‘ඩියුක් වැක්සීන්’ ආයතනය නිකුත් කළ නිවේදනයක දක්වා තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...