Tuesday, April 21, 2026
spot_img
spot_img

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත මෙන්ම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

දැනට ගැසට් කර ඇති ආර්ථික පරිවර්තන කෙටුම්‍පත මගින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අහෝසි කර ආර්ථික කොමිෂන් සභාවක් ඇතුලු ආයතන 5 ක් පිහිටුවීමට යෝජිතයි.

කෙසේ වෙතත්, මෙම කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෘත්තීය සමිති ඊයේ එහි ප්‍රධාන කාර්යාලය පිහිටි කොළඹ – කොටුව ලෝක වෙළද මධ්‍යස්ථානය ඉදිරිපිට මෙන්ම කටුනායක, කොග්ගල, බියගම ඇතුළු නිදහස් වෙළෙඳ කළාපවල විරෝධතා පැවැත්වුණා.

නිවේදනයක් නිකුත් කරමින් ආයෝජන මණ්ඩලයීය ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය කියා සිටියේ, ආයෝජන ක්ෂේත්‍රෙය් ප්‍රවීණයන්ගෙන් හෝ ආයෝජකයන්ගෙන් කිසිදු අදහස් විමසීමකින් තොරව ඉතා සුලු පිරිසකගේ අභිමතාර්ථ මුදුන්පත් කරගැනීම උදෙසා මෙම පනත් කෙටුම්පත සකසා ඇති බවයි.

මෙම පනත ක්‍රියාත්මක වුවහොත් ආර්ථික අර්බුදය හමුවේ පවා මෙරට හැර නොගිය ආයෝජිකයන් රට හැර යෑමේ භයානක තත්වයක් උද්ගතවනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම පනත් කෙටුම්‍පත මගින් ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ආයෝජන කලාප, ජාත්‍යන්තර වෙළදාම සදහා වූ කාර්යාලය, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා හා ජාත්‍යන්තර වෙළද ආයතනය යන ආයතන 05 ක් බිහි වනවා.

එයින් ආයෝජනයට සම්බන්ධ ආයතන දෙක වන ආර්ථික කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා ආයෝජන කලාප යන ආයතන දෙකෙහිත්, ආර්ථික කොමිෂම යටතේ පිහිටුවන ඉන්වෙස්ට් ශ්‍රී ලංකා යන පුද්ගලික ආයතනයේත්, වෙන වෙනම අධ්‍යක්ෂ මණ්ඩල 03 ක් පත් වන අතර ඉහළ තනතුරු 25ක් බිහි වනු ඇති.

ඒ අනුව, මෙම පනත හරහා රටට ආයෝජන ගලායාම කෙසේ වෙතත්, තම හිතවතුන්ට, ඉහළ තනතුරු ප්‍රදානය කිරීමට අවශ්‍ය පසුබිමක් සකස් කරගෙන ඇති බව ඉතා පැහැදිලි බවත්, එහිදී ආයෝජන මණ්ඩලය දෙකඩ වන බවත් ආයෝජන මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

ඒ තුළින් රට තුළට ආයෝජන ගලා ඒමට සුදුසු පරිසරයක් කිසිසේත් නිර්මාණය කළ නොහැකි බවයි ආයෝජන මණ්ඩලයේ වෘත්තිය සමිති වල අදහස වී ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය දියුණු කිරීමට වෙනුවෙන් අව්‍යාජව සිදු කරන ඕනෑම ප්‍රතිසංස්කරණයකට සහය ලබා දෙන අතර, කිහිපදෙනෙකුගේ පුද්ගලික උවමනා මත සිදු කරන මෙවන් ක්‍රියාමාර්ග තරයේම හෙලා දකින බව ශ්‍රී ලංකා ආයෝජන මණලයීය ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

කෙසේ වෙතත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්‍පත මේ මොහොතේ ගෙන ආ යුතු එකක් බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...