spot_img
spot_img

අදත් මිලිමීටර් 150ක තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් අද (22) දිනයේ මිලිමීටර් 150ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වයඹ පළාතේත් මන්නාරම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100ක තද වැසි ඇතිවිය හැකි බවයි.

මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට හා දකුණු පළාතේත් විටින් විට පැයට කිලෝමීටර් 40 -50 ත් දක්වා තද සුළං ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සුළගේ වේගය ද පැයට කිලෝමීටර් 30 – 40 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් විය.

තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 9කට පැන වූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය අද (22) පස්වරුව දක්වා දීර්ඝ කර තිබේ.

බදුල්ල, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, ගාල්ල , කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය බලාත්මකයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...