Tuesday, April 21, 2026
spot_img
spot_img

ගංවතුර අවදානමක් ගැන දැනුම් දිමක්

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තවදුරටත් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මේ අතර අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල ඇතැම් පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

අත්තනගලු ඔයේ සහ උරුවල් ඔයේ ජල මට්ටම මේ වනවිට වැඩි වෙමින් පවතින අතතර මේ හේතුවෙන් බලධාරීන් දැනුම් දෙන්නේ, දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, මිනුවන්ගොඩ, ජා ඇළ, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි.

අත්නගලුඔය ද්‍රෝණියට පසුගිය දින කිහිපයේ සැලකිය යුතු වර්ෂා පතනයක් ලැබීම මේ තත්ත්වයට හේතුව බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර ඉදිරි පැය 48 තුළ කුඩා ගඟ සහ මගුරු ගඟ සුළු ගංවතුර මට්ටමට පැමිණිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් බුලත්සිංහල, මදුරාව සහා පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සිටින්නයැයි ඔවුන් ඉල්ලා සිටි.

බෙංගාල බොක්ක අවට මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය ඉදිරි දිනවලදී පීඩන අවපාතයක් බවට පත් වෙමින් දිවයිනෙන් එපිටට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ, එහෙත් එහි වක්‍ර බලපෑම දිවයිනට බලපාන බවයි.

ඒ හේතුවෙන් මධ්‍යම, සබරගමුව, දකුණ, මධ්‍යම, උතුරු සහ මන්නාරම් දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිවයිනේ 8ක පවුල් 8,974ක පුද්ගලයින් 33,493කට තවදුරටත් බලපෑම් එල්ල වී තිබේ.

වැඩිම බලපෑම වාර්තා වන්නේ, පුත්තලම දිස්ත්‍රික්කයෙනි.

එම දිස්ත්‍රික්කයේ පවුල් 8,780ක පුද්ගලයින් 32,710ක් පීඩාවට ලක්ව සිටි.

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල ගැලීමෙන් මුන්දලම ප්‍රදේශයේ පීඩාවට පත් පුද්ගලයින් 3ක් නාවික හමුදාව විසින් මුදවා ගෙන තිබේ.

පුත්තලම – වනාන්තවිල්ලුව ප්‍රධාන මාර්ගය හතරේ කණුව ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රීයේ ජලයෙන් යට විය.

මේ හේතුවෙන් පවුල් 100කට ආසන්න ප්‍රමාණයක් පීඩාවට පත්ව තිබෙනවා.

මේ අතර පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලම දිස්ක්‍රික්කයේ සියලුම පාසල්වලට අද (21) සහ හෙට (22) නිවාඩු ලබා දී තිබේ.

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 8කට නිකුත් කළ නාය යෑමේ පුර්ව අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මකයි.

බදුල්ල, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.

මේ අතර ගිනිකොණදිග අරාබි සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි ධීවර සහ නාවික ප්‍රජාවට නිකුත් කළ අනතුරු ඇඟවීම ද තවදුරටත් බලාත්මකය.

මුහුදු රළු වීම හේතුවෙන් හම්බන්තොට ධීවර වරායෙන් ගාල්ල දොඩන්දූව ධීවර වරායෙන් ඊයේ ධීවරයින් මුහුදු ගියේ නැත.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...