Monday, April 20, 2026
spot_img
spot_img

අද ජාතික ශෝක දිනයක්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවය හේතුවෙන් අද (21) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

රජයේ සෑම ආයතනයකට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස උපදෙස් දී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේය.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක පසුගිය ඉරිදා සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණි.

හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයින් 09 දෙනාම අනතුරින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය නිමිත්තෙන් දින 05ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි පියවර ගෙන තිබේ.

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් ලෝක නායකයින් රැසක් ශෝකය පළකර ඇති අතර රටවල් රැසක ශෝක දින ද ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...