Monday, April 20, 2026
spot_img
spot_img

ඕනෑම අයෙකු සමග සාකච්ඡා කිරීමට සූදානම් – ජනපති

සාකච්ඡා කිරීමට සූදානම් ඕනෑම අයෙකු සමග තමන් සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් සමග ඊයේ (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති හමුවකදීය.

එසේම ඉදිරි ජනාධිපතිවරණයට තරගකරන්නේදැයි මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ජනපති පවසා ඇත්තේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේදැයි යන්න පිළිබඳව සමාජයේ පවතින ප්‍රශ්නය එලෙසම තිබෙන්නට ඉඩ හරින බවය.

මේ අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගත හැකිවනු ඇති බවත්, විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවසන ආකාරයේ අතිවිශාල ණය කපාහැරීමක් බලාපොරොත්තු විය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දී තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම වසර තුළ වැටුප් වැඩි නොකරන බවට දැනුම්දී ඇති පසුබිමක දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් ඡන්දයක් පැවැත්වීමට නියමිත මොහොතක වෘත්තීය සමිති වැඩවර්ජනයවල නිරතව සිටින බවය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...