spot_img
spot_img

මෙරටදී අත්අඩංගුවට ගත් පාකිස්තාන ජාතිකයන් 09කට දුන් තීන්දුව

මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගැනුණු පාකිස්තාන ජාතිකයින් 09 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 10 බැගින් සිරදඬුවම් නියම කර තිබේ.

2020 වසරේ ජනවාරි මස 01 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ නාවික හමුදාව එක්වී සිදුකරන ලද වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 614යි ග්‍රෑම් 36ක් සහ මත්ද්‍රව්‍ය බවට සැක කරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 581යි ග්‍රෑම් 34ක් සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

එම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තාව ලැබී ඇති අතර එහිදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 900කට අධික ප්‍රමාණයක් එම පාර්සල්වල අඩංගු බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් ලැබීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය හමුවේ සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබු අතර  නඩුව කැඳවු අවස්ථාවේදී අදාළ පාකිස්තාන ජාතිකයින් වරද පිළිගෙන ඇති බව සඳහන් ය.

ඒ අනුව නියම කළ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් පාකිස්තානය වෙත පිටුවහල් කිරීමට කටයුතු සිදුකරමින් පවතින බව පොලීසිය පැවසීය.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...