spot_img
spot_img

මෛත්‍රීට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රීලනිප හිටපු විධායක සභිකයෙකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා අල්ලස් කොමිසමට ලිපියක් යොමු කරමින් සඳහන් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විකුණා ලබාගත් අත්තිකාරමකින් පාස්කු වින්දිතයන්ගේ වන්දිය ගෙවා ඇති බවක් පෙනෙන්නට අති බවයි.

එබැවින් අදාළ මුදල් උපයා ගත්තේ කෙසේද? යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.

උපුටා ගැනීම පහතින්,

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයකු, හිටපු ජනාධිපතිවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වන, මෛත්‍රීපාල සිරිසේන මහතා හට පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලෙස රුපියල් කෝටි දහයක මුදලක් ගෙවන ලෙස ගරු අධිකරණය විසින් නියෝග කර තිබුණි. එකී නියෝගය අනුව ඔහු විසින් මුලදී රුපියල් කෝටි 11/2 මුදලක් ගෙවා තිබුණු අතර ඉතිරි මුදල් ගෙවීමට තමන්ට වත්කමක් නොමැති බවත් තමන්ගේ ආදායම වන්නේද ජනාධිපති විශ්‍රාම වැටුප සහ මන්ත්‍රී වැටුප පමණක් බැවින් එහි ඉතිරි මුදල වසර දහයක් තුළදී කොටස් වශයෙන් ගෙවීමට අවසර ලබා දෙන ලෙසත් ඔහුගේ නීතිඥවරයා මගින් ගරු අධිකරණයෙන් ඉල්ලා තිබෙන බවක්ද මාධ්‍යවලින් ප්‍රචාරය වූ බව මගේ මතකයේ පවතියි.

එපමණක් ද නොව මෙම ඉතිරි මුදල ගෙවීමට පිටකොටුවේ බෝ ගහ අසල ලේන්සුවක් දමාගෙන මිනිසුන්ගෙන් හිඟා කෑමට තමන්ට සිදුවිය හැකි බවද විවිධ අවස්ථාවන්වලදී ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද බව ද මම දැක ඇත්තෙමි. තත්ත්වය මෙසේ තිබියදී ඔහු අදාළ අරමුදල වෙත රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් ( මිලියන 28 ) ගෙවා ඇති බව 2024/05/13 දිනැති ‘අද’ පුවත්පතේ පළවී තිබෙනු දුටු මම මවිතයට පත් වූයෙමි.(අදාල පුවත්පත් වාර්තාවේ පිටපතක් මේ සමග අමුණා ඇත.)

මා ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු විධායක සභිකයෙක් වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව සිරිසේන මහතා පක්ෂයේ සභාපති පදවිය දැරීමට එරෙහිව මා විසින් පවරා ඇති නඩුවක් අසා නිමවනතුරු ඔහුට පක්ෂයේ සභාපති පදවිය දැරීමට ගරු අධිකරණය වාරණ නියෝගයක් ලබා දී තිබියදී 2024/05/12 දින පක්‍ෂයේ සභාපති පදවියෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත් වී වෙනත් අයෙකු ඒ සඳහා පත්කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විකුණා ලබාගත් අතිකාරමකින් මෙම වන්දිය ගෙවා ඇති බවක් ද පාක්ෂිකයන් අතර කතාබහක් පවතී. එමෙන්ම ද මෙම වන්දි මුදල ගෙවීමට වත්කමක් නැති බව ගරු අධිකරණයට දිවුරා ප්‍රකාශ කර තිබියදී මේ තරම් විශාල මුදලක් එකවර ගෙවීම බරපතල සැකයක් ඇති කරවන්නකි. එය ගරු අධිකරණය ද නොමග යවා ඊට අපහාස කිරීමක් බව ද මගේ හැඟීමයි.

එහෙයින් මෙම ගෙවීමට අදාළව.
(i) මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙම මුදල් ලැබුනේ කෙසේද,
(ii) එම මුදල් කවරෙකු විසින් හෝ නීත්‍යානුකූලව උපයන ලද මුදලක්ද,
(iii) එම මුදල් හිමිව තිබූ තැනැත්තා එම මුදල් සඳහා රජයට ගෙවිය යුතු ආදායම් බදු ආදිය නිසි ලෙස ගෙවා තිබේද,
(iv) රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදලක් තම ගිණුමේ තැන්පත් කරන අයෙකු වුවත් තමන්ට එම මුදල් ලැබුණු ආකාරය පැහැදිලි කළ යුතු හෙයින් මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහු ගෙවා දැමූ මෙම මුදල් ලැබුණු ආකාරය පිළිබද පැහැදිලි කර තිබේද,
(v) කිසිවෙකු විසින් ඔහුට එම මුදල් පරිත්‍යාග කළේ නම් හිටපු රාජ්‍ය නායකයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඔහුට එවන් මුදලක් පරිත්‍යාග කිරීමට හේතුව කුමක්ද,

යන ඉහත කරුණු අල්ලස් හෝ දූෂණයන්ට අදාළ වන බව මගේ අදහසයි.

එහෙයින් අල්ලසට හෝ දූෂණයට එරෙහි පුරවැසියෙකු ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු විධායක සභිකයකු ලෙසත්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන අතර ඉහත තොරතුරු පිළිබඳව කඩිනම් විමර්ශනයක් කර මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාවක් තිබේ නම් ඒ අනුව කටයුතු කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...