spot_img
spot_img

ලාංකිකයින් රුසියානු හමුදා සේවයට යැවූ දෙදෙනෙක් අත්අඩංගුවට

රැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකළ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (15) දින ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි.

සංචාරක වීසා මඟින් රැසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකරන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් අයකර විදේශගත කර ඇති අතර, එරටදී රැසියානු-යුක්‍රේන යුද්ධයේ යුද පෙරමුණට යාමට මෙම ලාංකිකයින්ට සිදුවී තිබෙනවා.

මෙම ඒජන්සි ආයතනය විසින් සිදුකළ ජාවාරම සම්බන්ධයෙන් කාර්යාංශට පැමිණිලි 7ක් ලැබී ඇති අතර, එම පැමිණිලිවලට අනුව මෙම ආයතනය වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට අධික වනවා.

ඒ අනුව, නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ පවත්වාගෙන ගිය අදාළ ආයතනය ඊයේ වැටලීම් කර, එහි හිමිකරු සහ කළමනාකරු වශයෙන් සේවය කළ පුද්ගලයින් දෙදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද (16) දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අදාළ රැකියා නියෝජිතායතනයේ බලපත්‍රයද මේ වන විට අත්හිටුවීමට කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

මෙම විමර්ශනය සඳහා කළමනාකරු (විශේෂ විමර්ශන) කපිල කරුණාරත්න, ඉදුනිල් පුෂ්පකුමාර, මහීෂ කොඩිප්පිලිආරච්චි, මදුශාන් විජේවර්ධන, අමිල පෙරේරා හා ගයේෂා සුභාෂිණි යන නිලධාරීන් සහභාගි වී තිබුණා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ, කිසිදු හමුදාවක සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකිරීම රජය අනුමත නොකරන බවත්, සංචාරක වීසා මඟින් කිසිදු විටෙක විදේශ රැකියා සඳහා යොමුනොවන ලෙසයි.

මෙවැනි ජාවාරම් මෙහෙයවන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඬුවම් කරන ලෙස අමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...