spot_img
spot_img

විජයදාසගේ විරෝධතා ඉවතට – දුමින්ද ඉල්ලූ වාරණයට ඉඩ

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවරු නඩුවේ නියෝගය අද ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා දන්වා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කටයුතුවලට හා වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරන පැමිණිලිකාර දිසානායක මහතාට පක්ෂ කටයුතු කරගෙන යෑමට බාධා කිරීම් සිදු කිරීම වළක්වමින් වාරණයක් නිකුත් කිරීම පිළිබඳ නියෝගය මෙසේ කල් තැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක මහතා මගින් පැවරූ මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස සරත් ඒකනායක, අමාත්‍ය විජේදාස රාජපක්ෂ, කීර්ති උඩවත්ත, වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා,ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහත්වරුන් නම්කර තිබිණි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...