ශ්‍රී ලංකාමහ බැංකුව විසින් අද (15) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.74ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.42 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ (14) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 295.67ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.23 ක් ලෙස සටහන් වුණා..
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්.
- මහජන බැංකුව – රු. 296.16 – රු. 306.18
- කොමර්ෂල් බැංකුවේ – රු. 295.21 – රු. 305.50
- හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 297.00 – රු. 305.00
- සෙලාන් බැංකුව – රු. 294.00 – රු. 303.50
- ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.294.00 – රු. 303.50
- එන්.ඩී.බී. (NDB) – රු. 294.00 – රු. 303.50
- අමානා බැංකුව – රු. 299.25 – රු.304.75
- ලංකා බැංකුව – රු. 298.00 – රු. 306.00




