Friday, January 30, 2026
spot_img
spot_img

රණවිරුවන්ට ඉඩම් දෙන්න ජනාධිපති කමිටුවක්

රණවිරුවන්ට ඉඩම් බෙදා දීම කඩිනම් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් අද (14) පත්කරනු ලැබුවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා එම කමිටුවේ සභාපතිත්වය දරන අතර ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක්, ඉඩම් කොමසාරිස් ජනරාල්, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් කමිටුවට ඇතුළත් වී තිබෙනවා.

ක්‍රියාන්විත රාජකාරියෙහි යෙදී සිටියදී දිවි පිදූ අතුරුදන් හා රණක්ෂිතයට පත් වූ විශ්‍රාමික සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලිසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට රජයේ ඉඩම් ලබාදීමට නියමිතව තිබෙනවා.

රණවිරුවන්ට ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙල මීට පෙර අවස්ථා කිහිපයකදී ආරම්භ කෙරුණත් එය සාර්ථකව සහ කඩිනමින් තියාත්මක නොවීම නිසා ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලා ජනාධිපතිවරයා විසින් ඉහත කමිටුව පත්කර තිබුණා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

නීපා ගැන අනියත බියක් එපා – මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්

ඉන්දියාවේ පැතිර යමින් පවතින නීපා වෛරසය පිළිබඳ මෙරට ජනතාව...

රනිල්ට මාර්තුවල නඩු දානවා: නීතිපති අධිකරණයට කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු මාසයක්...

2025දී මෙරටින් ලාදුරු රෝගීන් 1282ක්

2025 වසරේදී මෙරටින් ලාදුරු රෝගීන් 1,282 දෙනෙකු වාර්තා වී...

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගය

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු...