spot_img
spot_img

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ආරම්භ කළ වැඩවර්ජනය අද වයඹ පළාතේ

හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72ක් පළාත් මට්ටමින් ආරම්භ කළ වැඩවර්ජනය අද (15) වයඹ පළාතේ ක්‍රියාත්මක වේ.

ඒ අනුව අද උදෑසන 8 සිට 12 දක්වා වයඹ පළාතේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල වැඩවර්ජනය ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ ය.

නිල ඇඳුම් දීමනාවට සාපේක්ෂව අනෙකුත් කණ්ඩායම් සඳහා ලබා දිය යුතු දීමනාව වැඩි කිරීමට අදාළ චක්‍රලේකය නිකුත් කර නොමැති වීමත් විශේෂිත දීමනාව වැඩි කිරීම සඳහා චක්‍රලේකය නිකුත් කිරීමේදී කණ්ඩායම් 15ක් මගහැර චක්‍රලේකය නිකුත් කිරීමත් මුල් කර ගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මකයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72ක් මෙම වර්ජනය ආරම්භ කළේ, පසුගිය බ්‍රහස්පතින්දා උතුරු මැද පළාතෙනි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...