spot_img
spot_img

කුරුණෑගල තාක්ෂණ උද්‍යාන ගොඩනැගිලි ගැන තීරණයක්

ටෙක්නො පාර්ක් සමාගම මඟින් කුරුණෑගල හා ගාල්ල දිස්ත්‍රික්කවල ඉදිකරමින් පවතින තාක්ෂණ උද්‍යානවල ඉදිකර ඇති ගොඩනැගිලිවලින් නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට හැකි වැඩපිළිවෙළක් සකසන ලෙස ජාතික මෙහෙයුම් මැදිරිය සාකච්ඡාවේදී ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයට උපදෙස් දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක ජාතික මෙහෙයුම් මැදිරිය මගින් සංවර්ධන ව්‍යාපෘතිවල ගැටළු හා එම ව්‍යාපෘති කඩිනම් කිරීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනවා.

ටෙක්නෝ පාර්ක් සමාගමේ මෙහෙයුම් වියදම් පියවා ගැනීම සඳහා එම සමාගම සතුව ක්‍රමවේදයක් දැනට නොපැවතීම නිසා කුරුණෑගල හා ගාල්ල ආශ්‍රිතව ආරම්භ කර ඇති තාක්ෂණ උද්‍යාන දෙකෙහි ඉදිකිරීම් අතරමඟ නැවතීම මෙහිදී සාකච්ඡා වූ බව සඳහන් .

දිනෙන් දින අලුත්වන තොරතුරු තාක්ෂණ විෂය ක්ෂේත්‍රය තුළින් විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් බිහිකළ හැකි හෙයින් මෙවැනි ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයි මෙහිදී අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා අවධාරණය කළා.

මෙම කාරණය සම්බන්ධයෙන් දෙවතාවක්ම ජාතික මෙහෙයුම් මැදිරියේදී සාකච්ඡා කෙරුණු අතර එහිදී ටෙක්නො පාර්ක් සමාගමෙහි ද්‍රවශීල වත්කම් කඩිනමින් ඉහළ නැන්විය හැකි ශක්‍ය ව්‍යාපෘති යෝජනාවක් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්, සමාගම ලාභ උපයන තෙක් එහි මෙහෙයුම් වියදම් දරා ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන රජය මගින් ලබා දීමට ඇති හැකියාව සොයා බැලීමට ජාතික අයවැය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දීමත් සිදු කෙරුණා.

ටෙක්නො පාර්ක් සමාගමෙහි මෙහෙයුම් වියදම් දරා ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට ජාතික අයවැය දෙපාර්තමේන්තුවට හැකියාවක් නොමැති බව ජාතික මෙහෙයුම් මැදිරි කමිටුවට දැනුම් දී ඇති බැවින් එහි ඉදිරි ක්‍රියාකාරකම් ඵලදායීව ක්‍රියාත්මක කිරීමට හැකි ක්‍රමවේදයක් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් මෙවර අදාළ ප්‍රධාන පාර්ශවකරුවන් කැඳවා තිබුණා.

ටෙක්නො පාර්ක් සමාගම යටතේ තාක්ෂණ උද්‍යාන ඉදිකිරීමේ වැඩසටහන සඳහා 2021 වසරේදී ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 750 ක හා මහජන බැංකුවෙන් රුපියල් මිලියන 750 ක ණය මුදල් ලබා ගෙන ඇති නමුත් 2022 වසරේ සිට ඊට අදාළ ණය වාරික හා පොලී ගෙවීම අත්හිටුවා ඇති බවද සඳහන්.

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ ගැටළු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ආසියානු සංවර්ධන බැංකු ණය වාරික 1, 2 හා 3 යටතේ මූල්‍යයනය කිරීමට සැලසුම් කර තිබූ උතුරු මැද ඇළ කොන්ත්‍රාත් පැකේජයේ ඉදිරි ගෙවිම් හා අතැති බිල්පත් පියවීම 3 වන වාරිකය නොලැබීම නිසා ප්‍රමාද වී ඇති බව අනාවරණය විය. වාරිමාර්ග අමාත්‍යංශය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු මුදල් මගින් අතැති බිල්පත් ගෙවීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීමටත්, අවශ්‍ය නම් පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කිරීමටත් තිරණය වී තිබෙනවා.

පල්ලේකැලේ බන්ධනාගාරයේ මළාපවහනය හේතුවෙන් වික්ටෝරියා ජලාශය අපිරිසුදු වීම නිසා පැන නැග ඇති පාරිසරික ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කළ කමිටුව දැනට අක්‍රියව ඇති මලාපවාහන පද්ධතිය, ජලාප්‍වාහන මණ්ඩලයේ සහය ඇතිව මාස 4ක් ඇතුළත අලුත් වැඩියා කරන ලෙසත් එම වැඩපිළි‍වෙළ ආරම්භ කර මාසයක් ඇතුළත ප්‍රගතිය සම්බන්ධයෙන් කමිටුව දැනුම්වත් කරන ලෙසත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...