Monday, April 20, 2026
spot_img
spot_img

සා.පෙළ ප්‍රශ්නපත්‍ර ගැටළුව ගැන සුසිල්ගෙන් ප්‍රකාශයක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යවරයා අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එම ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක දරුවන්ට අසාධාරණයක් සිදුනොවීමට වගබලා ගන්නා බවයි.

එමෙන්ම විද්‍යාව ප්‍රශ්නපත්‍රය සැකසු පිරිස රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට කටයුතු කරමින් සිටින බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියා.

එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා,

“විද්‍යාව ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් සහ බහුවරණ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්නය ඇති වූ වේලාවේ සිට ඒ ප්‍රශ්නපත්‍රය සකස් කළ අය රැස්වෙලා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. ඒ වගේම විභාග කොමසාරිස්වරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළා. සාමාන්‍යයෙන් වෙන්නේ ඕනෑම විභාගයක දී සාම්පල් මාර්ක් එකක් කරනවා. එතැනින් පස්සේ බරතැබීම සම්බන්ධයෙන් වෙනස්කම් කරනවා. ඒ නිසා දරුවන්ට අසාධාරණයක් නොවන ආකාරයට මාර්කින් ස්කීම් එක සකස් කිරීමට ඒ පැනල් එක කටයුතු කිරීමට නියමිතයි.”

මේ අතර, සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සඳහා ද ලකුණු ලබා දීමේදී සිසුන්ට සහනයක් වන පරිදි අවශ්‍ය පියවර ගැනීමට ද කටයුතු කරන බවද අමාත්‍යවරයා සදහන් කළා.

එහිදී ඉංග්‍රීසි විෂයට අදාළ ගුරුවරුන්ට පත් වීම් ලබා දීමේදී සහ ක්‍රීඩා පුහුණු ගුරු පත්වීම් ලබා දීමේ දී පවතින ගැටලු සම්බන්ධයෙන්ද අදහස් පළ කළා.

“ඉංග්‍රීසි විෂයට අදාළ ගුරුවරුන්ට 2021 ඩිප්ලෝමාධාරීන් 500ක් බඳවා ගැනීමට තිබූ විභාගයේ ප්‍රතිඵල අනුව තමයි දැන් පත්වීම් දෙන් වෙලා තියෙන්නේ. එම නිසා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පවත්වාගෙන යනවා. 100ක් ජාතික පාසල්වලට 400ක් ග්‍රාමීය පාසල්වලට.‍ එකක් තියෙන්නේ යම් ප්‍රශ්නපත්‍රයක ප්‍රමිතිය පවත්වාගෙන යන්නත් ඕනේ. ගුරුවරු නැති දරුවන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. එහෙමයි කියලා ප්‍රශ්නපත්‍රයක ප්‍රමිතිය අඩුකරන්න බෑ. කරුණු ගැන සැලකිල්ලට අරන් සාම්පල් මාර්ක් එකෙන් පස්සේ ඒ දරුවන් ගැන අවශ්‍ය පියවර ගන්නවා කියලා විභාග කොමසාරිස්වරයාදැනුම් දුන්නා.

සාමාන්‍යයෙන් ක්‍රීඩා ගුරුවරු බඳවා ගත්තේ විද්‍යාපීඨවලින්. ක්‍රීඩා පුහුණුකරුන් විදියට 3,000කට පමණ පත්වීම් ලබා දුන්නා දැන් අවරුදු කිහිපයකට පෙර. නමුත් ඒ දිලා තියෙන්නේ අනධ්‍යයන කාර්යමණ්ඩලවලට. ගුරු වෘත්තියට නෙමෙයි. කොහොම වුණත් ඒ අය ගුරුවෘතීයට බඳවා ගැනීමට අවශ්‍ය ගුරු සේවා ව්‍යවස්තාවට අදාළ සුදුසුකම් සපුරා තියෙනවා ද කියලා බලලා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන්න උපදෙස් දෙන්නම්.”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...