Thursday, April 23, 2026
spot_img
spot_img

රජයේ සම්පත් විකිණීම ගැන මහින්දගෙන් නිවේදනයක්

වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බවත් එවන් අවස්ථාවක රාජ්‍ය දේපොළ කඩිමුඩිය විකුණා දැමීමෙන් රටට වැඩදායී ප්‍රතිඵලයක් ලබාගැනීමට නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව රට පුරා ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්වයට විසඳුමක් ලෙස ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටවන තෙක් රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු තීරණ සහ පියවර අත්හිටුවිය යුතු බව ද කියන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊළඟ ජනාධිපතිවරණය ජයගන්නා පාර්ශ්වයට ඔවුන්ට ලැබෙන ජනවරම අනුව රජය සතු දේපළ සහ ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කළ හැකි බව ද සඳහන් කරයි.

රජයට අයත් ඇතැම් වත්කම් හා ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ පොදු මහජනතාව අතර නොසන්සුන්කාරී තත්වයක් හටගෙන ඇති බවද හිටපු ජනාධිපතිවරයා නිවේදනයෙන් සඳහන් කරයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...