spot_img
spot_img

ලෝක ඉතිහාසයේ උණුසුම අධිකම අප්‍රේල් මාසය

ලෝක ඉතිහාසයේ උෂ්ණත්වය අධිකම අප්‍රේල් මාසය ලෙස පසුගිය අප්‍රේල් මාසය වාර්තා අතරට එක් වී තිබෙනවා.

පසුගිය මාස 11ක කාලයක් පුරා ලෝකයට බලපෑ වැසි රහිත කාලගුණයෙන් හා අධික උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් එල්ල වුණා.

යුරෝපා සංගමයේ කාලගුණ විපර්යාස නිරීක්ෂණ සේවය පවසන්නේ ඒ හේතුවෙන් පසුගිය අප්‍රේල් මාසය ඉතිහාසයේ උෂ්ණාධිකම අප්‍රේල් මාසය වාර්තා අතරට එක්වන බවයි.

2023 වසරේ ජුනි මාසයෙන් පසු සෑම මාසයකම ඊට පෙර වසරේ අදාළ මාසය හා සැසඳිමේදී උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පැසිපික් සාගරය අවට එකවර උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ සංසිද්ධිය, එල්නිනෝ තත්වය යනුවෙන් හැඳින්වෙනවා.

ඒ අනුව, එක්නිනෝ තත්වයේ බලපෑමද අවම වශයෙන් පවතින මෙවැනි අවස්ථාවක අධික උණුසුම ඇති වීම සඳහා මිනිස් ක්‍රියාකරකම් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාස හේතු වී ඇති බව එම පර්යේෂකයින් තව දුරටත් පෙන්වා දී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...