spot_img
spot_img

ඇමරිකාවේ ප්‍රබලයෙක් ලංකාවේ සංචාරයක

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

මැයි 10 සිට 15 දක්වා ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ සංචාරයක නිරතව සිටින ඔහු ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඔහුගේ සංචාරය එක් එක් රටවල් සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරනු ඇති අතර නිදහස්, විවෘත මෙන්ම සමෘද්ධිමත් ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා එක්සත් ජනපදයේ සහයෝගය පෙන්නුම් කරනු ඇති.

ඉන්දීය සංචාරය අවසන් කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඩොනල්ඩ් ලූ මහතා මෙරට සංචාරයේ නිරත වන කාල සීමාව අතරතුර දේශපාලන නියෝජිතයින් රැසක් හමු වීමට නියමිත අතර එමඟින් දෙරට අතර සබඳතා ශක්තිමත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම මෙම සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වෙනුවෙන් එක්සත් ජනපදයේ සහයෝගය මෙන්ම නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා අත්‍යවශ්‍ය වන ශක්තිමත් සිවිල් සමාජයක වැදගත්කමද තහවුරු කෙරෙනු ඇති බවද සඳහන්.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...