spot_img
spot_img

සාපෙළ සිසුවෙකුට පහරදුන් දෙදෙනෙක් අත්අඩංගුවට

රත්ගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විභාග මධ්‍යස්ථානයකට ඇතුලු වී සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින පාසල් සිසුවෙකුට පහරදිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම – ගම්මැද්දගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 හා 17වියේ පසුවන එම පාසලේම උසස් පෙළ හදාරන සිසුන් දෙදෙනෙක්.

පෙරේදා දහවල් මෙම පහරදීම සිදුව ඇති අතර පහරකෑ සිසුවාගේ හිසට තුවාල සිදුවුවත් ඔහු විභාගයට පෙනි සිටි බවයි පොලීසිය පැවසුවේ.

පසුව සිද්ධියට සම්බන්ධ සිසුන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා.


 

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...