spot_img
spot_img

ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

නීති විරෝධී මාර්ග හරහා රුසියා – යුක්‍රේන යුද්ධය සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධව තොරතුරු ලබාගැනීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය විශේෂ අංශයක් පිහිටුවා ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව, මේ වනවිට විවිධ මාර්ග ඔස්සේ රුසියා – යුක්‍රේන යුද්ධය සඳහා පිටත්ව ගොස් ඇති ත්‍රිවිධ හමුදා විශ්‍රාමික හමුදා සාමාජිකයින්, ඔවුන් ගිය දිනයන්, ඒ සඳහා සම්බන්ධීකරණය කරන ලද පුද්ගලයින්, ආයතන සහ දුරකථන අංක ඇතුළු අදාල සියලු තොරතුරු ආරක්‍ෂක අමාත්‍යාංශයේ විශේෂ දුරකථන අංක 0112441146 වෙත කඩිනමින් ලබා දෙන ලෙස ආරක්‍ෂක ලේකම් අදාල අයගේ පවුල්වල සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටී.

තවද, මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හෝ ඊට අනුබල දෙන පුද්ගලයින් හෝ වෙනත් අයවළුන් සම්බන්ධ තොරතුරු තිබේනම් එම විස්තර ද ඉහත දුරකථන අංකය වෙත ලබා දෙන මෙන් ආරක්‍ෂක ලේකම්වරයා විසින් මහජනතාව වෙත දන්වා සිටිනු ලැබේ.

මෙය හුදෙක් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීවිත ආරක්‍ෂාව සඳහා ඉටු කරනු ලබන කටයුත්තක් බැවින්, මේ සඳහා විශේෂ අවධානය යොමුකර තොරතුරු ලබා දෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...