Thursday, June 4, 2026
spot_img
spot_img

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය නැවතත් රිමාන්ඩ්

ආන්දෝලනයකට තුඩු දී ඇති ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අප්‍රේල් 22 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ මහතා ඇතුළු සැකකරුවන් පිරිසක් ව අද (08) දින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

පළවෙනි, දෙවැනි, තුන්වැනි, හතරවැනි, හයවැනි, හත්වැනි සහ අටවැනි සැකකරුවන් එහිදී නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් 5 වැනි සැකකරුව මීට පෙර ඇප මත මුදාහැර ඇති බවට වාර්තා වනවා.

එසේම 10 වන සහ 11 වන සැකකරුවන්ට ඇප දෙනවාද නැත්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ඔවුන්ව නැවතත් 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ අතර එතෙක් ඔවුන්ව නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මෙම නඩුව සඳහා සැකකරුවන් 11 දෙනෙක් සිටින අතර ඉන් 09 වන සැකකරු වන වෛද්‍ය ජයනාත් බුත්පිටිය විදෙස් ගතව සිටින බව සඳහන් .

ඔහු මෙම ප්‍රශ්නගත ඖෂධය මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගයීම් කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...