ශ්‍රී ලංකාවේ විදේශ ණය ආපසු ගෙවීම 2028 දක්වා අත්හිටුවීමට අදාළව ණය හිමියන් සමග සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති බව ජපානයේ Nikkei Asia පුවත් සේවය වාර්තා කරනවා.
ජනාධිපති ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක, එම පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ ණය දුන් රටවල් සමඟ සාකච්ඡා අවසන් වී ඇති අතර, ඒ පිළිබඳ නිවේදනයක් ඉදිරි සති කිහිපය තුළ සිදුවනු ඇති බවයි.
ඔහු ප්‍රකාශකර තිබෙන්නේ ණය ආපසු ගෙවීමේ කාලය 2028 සිට 2042 දක්වා වසර 15ක් වනු ඇති අතර, පොලී අනුපාතය අලුතින් 2%ක් පමණ වෙනු ඇති බවයි.
ශ්‍රී ලංකාව 2022 අප්‍රේල් ඇතිවූ ආර්ථික අර්බුදයත් සමඟ මාසයේදී බාහිර ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවන බවද ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කර ගැනීමට සහ පොලී අඩු කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ණයහිමි රටවල් මූලික එකඟතාවයකට පැමිණ තිබෙන බව ඔහු එහිදී ප්‍රකාශකර තිබෙනවා.




