spot_img
spot_img

මුදල් වෙන් කරලා තියෙන්නේ ජනාධිපතිවරණයට විතරයි – සුසිල්

මෙම වර්ෂයට අදාළව මුදල් වෙන් කර ඇත්තේ ජනාධිපතිවරණයකට බවත්, මහ මැතිවරණයකට නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරන ලද උත්සවයකට සහභාගිවෙමින්.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වසර තුළ නීත්‍යනුකූලව පැවැත්වීමට නියමිතව ඇත්තේ, මහ මැතිවරණයක් නොව ජනාධිපතිවරණයක් බවයි.

උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා වැඩි කිරීමට අදාළව පත් කරන ලද ඒකාබද්ධ කමිටුවේ වාර්තා ලැබී ඇති බවත්, ඉදිරි සති කිහිපය ඇතුළට ඊට අදාළ අනුමැතිය ලබා ගැනීමට ක්‍රියා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

තවද අ. පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස මැද දී පැවැත්වීමේ විභාග කාලසටහන් මේ වන විටත් සකසා අවසන්ව ඇති අතර පවත්වන ලද අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල එම විභාගය පැවැත්වීමට පෙර මැයි මස මුල දී ලබා දීමට උපරිම උත්සාහයක් දරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...