සමගි ජන බල සන්ධානය අද (05) උදෑසන එළි දැක්වුණා.
ඒ සඳහා වන ගිවිසුමට අත්සන් තැබුණේ සමගි ජන බලවේගය හා මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 6 දෙනෙකු අතරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් සමගි ජන බලවේගය වෙනුවෙන් ඊට අත්සන් තැබුවේ ය.
ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන් ගිවිසුමට අත්සන් තැබූ සෙසු පිරිසයි.
ගිවිසුමට අත්සන් තැබීම සිදු කෙරුණේ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැඳුරේදී.




