spot_img
spot_img

නිදහස් පක්ෂය අර්බුදයක- හදිසි රැස්වීමක් කැඳවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

එම පක්ෂයේ වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා වෙත ලිපියක් යොමු කරමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම ඉල්ලීම සිදු කර තිබුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුරයේ කටයුතු කිරීම ගරු අධිකරණය විසින් වාරණය කොට ඇති පසුබිම තුළ පක්ෂයේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා විධි විධාන සැලසීමේ හදිසි අවශ්‍යතාවයක් මතු වී තිබීම හේතුවෙන් මෙම රැස්වීම කැඳවීමට තීරණය කළ බව මෙම ලිපියෙහි සඳහන්.

අප්‍රේල් මස 08 වැනිදා පෙරවරු 10.00ට එම රැස්වීම කැඳවන ලෙසත් ඊට මෛත්‍රීපාල සිරිසේන,දයාසිරි ජයසේකර සහ ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරු හැර නීත්‍යානුකූලව කැඳවිය හැකි සියලු සාමාජිකයින් සහභාගී කරවන ලෙසත් නිමල් සිරිපාල මහතා මෙම ලිපිය මඟින් ඉල්ලා තිබෙනවා .

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...